මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි, දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට අවසර ලබා දී තිබේ.
මහේස්ත්‍රාත් විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ, අදාල සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු තවදුරටත් රඳවාගෙන, පුළුල් ලෙස ප්‍රශ්න කිරීම සඳහා අවසර ඉල්ලා පොලිසිය විසින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවය.
105










