එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඒ අනුව, ඒ සඳහා සුදුසු පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා දැනටමත් දැනුවත් කිරීම් සිදු කරමින් සිටින බව එම මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කරයි.
ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රිය වන අවස්ථාව වනවිට, ධීවරයන් 60,000කට ආසන්න පිරිසක් එයින් ප්‍රතිලාභ ලබමින් සිටි බවත්, ඒ අනුව යළි මෙම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමේදී එම ප්‍රමාණයට වඩා වැඩි ධීවරයන් පිරිසකට එයින් ප්‍රතිලාභ ලබා දීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
88










