කට්ටි පැන්න තවත් පිරිසක් කොටු වෙයි

කට්ටි පැන්න තවත් පිරිසක් කොටු වෙයි

පසුගිය ආණ්ඩුවල ඉහළ මැති ඇමතිවරුන්ගේ අනුග්‍රහය මත නීති විරෝධී ආකාරයෙන් පළාත් පාලන ආයතනවලට ගෙවිය යුතු බදු කුලිය නොගෙවා බලහත්කාරයෙන් රැඳී සිටි ව්‍යාපාරික ස්ථාන සීල් තැබීම ආරම්භ කර තිබේ.

ඊයේ (02) වැල්ලවාය ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිලිවල එවැනි ව්‍යාපාරික සීල් තබනු ලැබීය. එම ප්‍රාදේශීය සභාවට රුපියල් කෝටි 2කකට ආසන්න බදු කුලී ගෙවීම පැහැර හැර ඇති බව වැඩි දුරටත් හෙළි වේ.

පළාත් පාලන ආයතන සතු, මහජන මුදලින් ඉදි කළ ගොඩනැගිලිවල පවත්වා ගෙන ගිය ව්‍යාපාරික ස්ථානවල පසුගිය ආණ්ඩු සමයේ මැති ඇමතිවරුන්ගේ ඥාතීන්ට සහ සමීපතමයින්ට ලබා දී තිබිණි. මේ නිසා අදාළ පළාත් පාලන ආයතනවලට අය විය යුතු බදු කුලී මුදල් රුපියල් කෝටි ගණනක් අය කර ගැනීම නතර කර දමා තිබිණි.

එම පුවත අඩංගු වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn