ශ්රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් මුලදී නියම කර තිබූ 44%ක තීරු බදු අනුපාතය 20% දක්වා තව දුරටත් පහත හෙළා තිබේ.
ඇමරිකාව සමඟ විදේශ වෙළඳාම යෙදී සිටින රටවල් අතරින් එරටට පාඩු සිදුවන රටවල් මත විශාල බදු අනුපාතයක් නියම කළ අතර ශ්රී ලංකාව සම්බන්ධයෙන් එය 44%ක් ලෙස මුල දී ප්රකාශ කර තිබිණි. නමුත් වත්මන් ශ්රී ලංකා රජය එරට බලධාරීන් සමඟ කළ සාකච්ඡාවේ දී එම අගය 30%ක් දක්වා අඩු කර ගැනීමට සමත් විය.
ඒ අවස්ථාවේ දී විපක්ෂයේ පරාජිත කණ්ඩායම් රජය සම්බන්ධයෙන් විවිධ අවලාද ගෙන යන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ රජය ප්රකාශ කළේ බදු අනුපාතය තව දුරටත් අඩු කර ගැනීම සඳහා ඇමරිකාව සමඟ විශේෂ සාකච්ඡා පවත්වන බව ය. එහි ප්රතිඵලයක් ලෙස තවත් 10%කින් එම බදු අනුපාතය කපා හැරිය බව ඊයේ රාත්රියේ ඇමරිකානු බලධාරීන් නිල වශයෙන් ප්රකාශ කරනු ලැබීය.










