අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ සහාය

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ සහාය

TikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි අතර හමුවක් අද (16) අගමැති කාර්යාලයේදී සිදු විය.

විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ.

ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබා දීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ විෂයමාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කම මෙන්ම ඩිජිටල් තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ TikTok හරහා ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම මෙහිදී TikTok නියෝජිතයින් පෙන්වා දුන්නේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සමඟ මෙවැනි සහයෝගිතාවන් අගය කළ අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට දකුණු ආසියාවේ TikTok සමාගමෙහි රාජ්‍ය සම්බන්ධතා ප්‍රධානී සහ දකුණු ආසියාවේ මහජන කටයුතු ප්‍රධානී Ferdous Al Mottakin, අගමැති අතිරේක ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Facebook
Twitter
LinkedIn