80,000ක් ගෙදර යවයි

80,000ක් ගෙදර යවයි

ජේආර් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුව 1977 ජූලි මාසයේ දී බලයට පත් ආණ්ඩුව 1980 ජූලි මාසයේ දී වර්ජකයන් 80,000ක් සේවයෙන් නෙරපා හැර, 1983 කළු ජූලිය නිර්මාණය කිරීම සහ 1987 ජේආර් – රජීව් ගිවිසුම අත්සන් කිරීම දක්වා ජනතා විරෝධී ක්‍රියා රැසක් පිළිබඳව වාර්තා තබා තිබේ.

විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් සමඟ දරා ගත නොහැකි උද්ධමනයකට මුහුණ දුන් ජනතාව අතර සිටි රාජ්‍ය සේවකයින් 1979 මුල සිට වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමක් දියත් කර තිබිණි.

එම ඉල්ලීම්වලට ඇහුන්කන් නොදුන් බැවින් 1980 මාර්තු මස 8 වෙනිදා සහ 9 වෙනිදා වෘත්තීය සමිති 25ක නියෝජිතයින් එක් වී සමුළුවක් පවත්වා දිනක වැටුප රුපියල් 10කින් ඉහළ දමා ගැනීමේ යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. ඉන් පසුව එම වසරේ ජූලි 05 වෙනි දින වරුවක සංඛේත වැඩ වර්ජනයක් පවත්වන ලද අතර, එක්සත් ජාතික පක්ෂයේ පාතාල මැරයන් යොදවා පහර දීමෙන් ඩී. සෝමපාල රත්නායක ඝාතනය කරනු ලැබීය.

ඉන්පසු, ජූලි මස තුන් වෙනි සතියේ වැඩ වර්ජනයක් දියත් කළ අතර, ජීවන වියදමට සරිලන වැටුපක් ලබා ගැනීමට සහ ආණ්ඩුවේ මර්දනය නවතන ලෙස බල කෙරිනි. එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හමුවේ මුල් වටයේ දී රජයේ සේවකයින් 80,000ක් රැකියාවලින් නෙරපා හරිනු ලැබීය. ආණ්ඩුව හමුවේ දණින් වැටුණු යම් පිරිසක් නැවත සේවයට බඳවා ගත් අතර, එසේ දණින් නොවැටුණු වර්ජකයින්ගේ පවුල්වල සාමාජිකයින් 350,000ක් පමණ අන්ත අසරණ තත්වයට ඇද දමනු ලැබීය.

Facebook
Twitter
LinkedIn