පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම ජනප්‍රිය සාහිත්‍ය දේශකයෙකු වන අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වී තිබේ.
පැවති අසනීප තත්වයක් හේතුවෙන් ඔහු කලක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර මිය යනවිට ඒ මහතා 73 වන වියෙහි පසුවිය.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසින් හා සිංහල අධ්‍යනාංශයේ අංශාධිපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇති අතර විශිෂ්ට දේශකවරයෙකු ලෙසද ඔහු බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියේය.
ඔහු මෙරට රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් රැසකට ආගමික, සංස්කෘතික, සමාජ යන ක්ෂේත්‍ර ඔස්සේ සිය සම්පත් දායකත්වය ලබාදෙමින් ජනතාවට දැනුම ලබාදීමට කටයුතු කර ඇත.
977









