ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් පක්ෂ සමඟ සන්ධාන ගත නොවන බව විවිධ අවස්ථාවල දී ප්‍රකාශ කළ එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් වෙනම අභිරහස් න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියා කරමින් සිටින්නේ දැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් සැක මතු කරති.
ඔහු විසින් පවත්වන ලද නිල මාධ්‍ය හමුවල දී පසුගිය සති දෙක තුළ සම්පූර්ණයෙන් ම පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කර තිබීම එම සැකයට හේතු වී තිබේ. ඊයේ (27) බත්තරමුල්ලේ එම පක්ෂයේ මූලස්ථානයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවක දී ඔහු අවධාරණය කර ඇත්තේ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවිමට ජාතික ජන බලවේගයට ඉඩ නොදී අනෙකුත් පක්ෂ සමඟ එක්ව ක්‍රියා කරන බවයි.
නමුත්, නාමල් රාජපක්ෂ එම පක්ෂ සමඟ නිල වශයෙන් සාකච්ඡා පවත්වන අවස්ථාවල දී සාගර කාරියවසම් එයට එරෙහි ප්‍රකාශ සිදු කරනු ලැබීය. එමෙන් ම, පළාත් පාලන ආයතනවලට සමානුපාතික ලැයිස්තු සභිකයින් නම් කිරීමේ දී ඔහු රාජපක්ෂලාට එරෙහිව ක්‍රියා කර ඇති බව ද හෙළි වෙමින් පවතී.










