සබරගමුව විශ්වවිද්‍යාලය සිසුවාගේ මරණයට අදාළ විමර්ශනය සම්බන්ධයෙන්, ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලිසිය කියයි.
විශ්වවිද්‍යාලය තුළ පැවති නවකවදය දරා ගත නොහැකිව ගම්පොළ ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ චරිත් දිල්ෂාන් නමැති 23 හැවිරිදි සිසුවා ඉකුත් 29 වෙනි දින නිවස පිටුපස දි ගෙල වැළලාගෙන දිවි නසාගෙනන තිබිණි.
විශ්වවිද්‍යාලයේ ඉකුත් 27 වෙනි දින අවුරුදු උත්සවය පැවැත්වෙන අතරතුරදී ඔහුට දරා ගත නොහැකි ලෙස නවක වදයට ලක්කර තිබූ බව මව්පියන් ඥාතීහු හා මිතුරෝ චෝදනා කළහ.
එම සිද්ධියක් සමඟම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වූ විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබිණි.










