රනිල් අල්ලස් කොමිසමට කැඳවයි… නොපැමිණියොත් කරන දේත් කියලා…

රනිල් අල්ලස් කොමිසමට කැඳවයි… නොපැමිණියොත් කරන දේත් කියලා…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

ඔහු මෙලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත්තේ මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින චාමර සම්පත් දසනායක, ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රේල් 17 වෙනිදා පෙරවරු 9.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

එදින අල්ලස් කොමිසමට නොපැමිණියහොත් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ අංක 126 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කරන බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට වැඩිදුරටත් දැනුම් දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්