ඊජිප්තු තානාපතිවරයා ජනපති හමු වෙයි

ඊජිප්තු තානාපතිවරයා ජනපති හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් මහතා (Adel Ibrahim Ahmed Ibrahim) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම පිළිබඳ මෙන්ම අතර දෙරටේ සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත.

මැදපෙරදිග කලාපයේ වර්තමාන තත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ලක් වී තිබේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලයේ උපදේශක මොහොමඩ් මාදි (Mohomed Mady) යන අය මෙම අවස්ථාවට එක් වී සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Facebook
Twitter
LinkedIn