මේ වනවිට එලන් මස්ක් ට විරුද්ධව ඇමරිකාව තුල හා ලොව පුරා දැඩි විරෝධයක් පලවෙමින් පවතීන බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. කැනේඩියානු ජනතාව ඔහුගේ කැනේඩියානු පුරවැසිභාවය ඉවත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කරමින් තිබෙන බව ද මේ අතර වාර්තා වේ. මෙහි නවතම ප්‍රවණතාවය වනුයේ ඇමරිකාවේ සුප්‍රකට පෙන්ටගනය හා අභ්‍යන්තර රහස් ඔත්තු සේවය වන FBI සහ අනෙකුත් රාජ්‍ය ආයතන තම යටත් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා වගවීමට හා ඒවා නිරතුරුවම ඔහු වෙත වාර්තා කරන ලෙස ඉල්ලා සිදු කරන ලද එලොන් මස්ක්ගේ නියෝගයට ප්‍රතිචාර නොදක්වන ලෙසයි.
කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයෙකු වන ලොව ප්‍රථම කෝටිපතියා සෙනසුරාදා ෆෙඩරල් සේවකයින්ට මෑතකදී සිදු කරන ලද කාර්යයන් පහක් විද්‍යුත් තැපෑලකින් විස්තර කරන ලෙසත් එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන් ඉල්ලා අස්වූවාක් ලෙස සලකනු ලැබේ යන්නද එම චක්‍ර ලේඛනයේ සඳහන් කිරීම නිසා පෙන්ටගනය හා FBI යන රාජ්‍ය ආයතන උරණ වී ඇත. පෙන්ටගනය සහ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ඇතුළු අනෙකුත් එක්සත් ජනපද රජයේ ආයතන, ෆෙඩරල් නිලධාරීන්ට ඔවුන්ගේ ක්‍රියාකාරකම් ප්‍රදර්ශණය කරන ලෙස ඉල්ලා සිටින එලන් මස්ක් ගේ විද්‍යුත් තැපෑලකට ප්‍රතිචාර නොදක්වන ලෙස ඔවුන්ගේ කණ්ඩායම්වලින් ඉල්ලා සිටින්නේ මේ නිසාය.
රාජ්‍ය වියදම් කපා හැරීමේ තම මෙහෙවරේදී “වඩාත් ආක්‍රමණශීලී” වන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් එලන් මස්ක් ඉල්ලා සිටි. ඔහු මෙවැනිම ශුද්ධ කිරීමක් X ජාලය තුලද සිදුකල බව ඔහුගේ සමීපතමයින් සඳහන් කරති. ඒ අනුව පෘථිවියේ ධනවත්ම මිනිසා සෙනසුරාදා විද්‍යුත් තැපෑලක් මගින් ෆෙඩරල් රජයේ නිලධාරීන් ඔවුන්ගේ මෑත කාලීන වැඩ කටයුතු පිළිබඳව ලිඛිතව තමන්ට වාර්තා කරන ලෙස ඉල්ලා සිටියේය. සෙනසුරාදා ෆෙඩරල් නිලධාරීන්ට ලැබුණු විද්‍යුත් තැපෑලකින්, සඳුදා සවස් වන විට ප්‍රතිචාරයක් ඉල්ලා සිටි අතර, පෙර සතියේ සම්පූර්ණ කරන ලද කාර්යයන් පහක් විස්තර කරන ලෙසත්, ඔවුන්ගේ කළමනාකරුගේ විද්‍යුත් තැපෑලෙහි ඒවා පිටපත් කරන ලෙසත් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. .
“ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පමණක් එහි කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය ඇගයීම සඳහා වගකිව යුතු අතර ඕනෑම සමාලෝචනයක් තමන්ගේම ක්‍රියා පටිපාටිවලට අනුකූලව පවත්වනු ඇත,” පෙන්ටගනයේ නිලධාරියෙකු වන ඩැරින් සෙල්නික්, එලොන් මස්ක් සතු සමාජ ජාලය වන X තුලම ඉරිදා පළ කරන ලද ප්‍රකාශයක ලියුවේ එලන් මස්ක් අපහසුවට පත් කරමිනි. සිවිල් සේවකයින් කළමනාකරණය කිරීම සඳහා වගකිව යුතු කාර්යාලය වන එක්සත් ජනපද පිරිස් කළමනාකරණ කාර්යාලය (DOGE ) විසින් සෙනසුරාදා යවන ලද “පසුගිය සතියේ ඔබ කළේ කුමක්ද” යන මාතෘකාව යටතේ ඇති විද්‍යුත් තැපෑලට “දැනට” “සියලු ප්‍රතිචාර අත්හිටුවන” ලෙස සෙල්නික් මහතා එමගින් තව දුරටත් ඉල්ලා සිටියේය.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, FBI, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ජාතික බුද්ධි ඒජන්සිය FBI පවා ඔවුන්ගේ සේවකයින්ට ප්‍රතිචාර නොදක්වන ලෙස උපදෙස් දී තිබේ.
ඒ අනුව එලන් මසක් නිකුත් කරපු නව නියෝගය තුල තම පණිවිඩයට “ප්‍රතිචාරයක් නොමැතිකම” “ඉල්ලා අස්වීමක්” ලෙස සලකනු ලබන බව නිවේදනය කර තිබීම නිසා ඔහුගේ නියෝගයට අවනත නොවන ලෙස ට්‍රම්ප් පරිපාලනයේ ආයතන කිහිපයකින් කරන ලද මෙම ඉල්ලීම ඉතා නොසන්සුන් සන්දර්භයක් ඇමරිකානු පරිපාලනය තුල නිර්මාණය කර ඇත.
එක්ස්ජාලය සහ ටෙස්ලා හි ප්‍රධානියා රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන අතර ඔහුගේ ආයතනය මගින් රජයේ අනවශ්‍ය වියදම් කපා හැරීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ. ඔහුගේ මැදිහත් වීමෙන් USAID සඳහා ලබාදෙන මුදල් මේ වන විට අත්හිටුවා ඇති අතර විදේශ සංක්‍රමිකයන් හට ආධාර ලබා දීම සඳහා පිහිටුවා තිබුණු immigration and customs(ICE) ආයතනයද, LGBT ප්‍රජාවේ සුභසාධනය සඳහා වූ ප්‍රතිපාදන පවා අහෝසි කර දැම්මේය.
ඔහුගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපයන් නිසා ආහාර හා ඖෂධ පාලන ආයතනයේ අධ්‍යක්ෂක ජිම් ජෝන්ස් පසුගිය සතියේ තම ධුරයේ ඉල්ලා අස්වීම ලබා දී ගෙදර ගියේය.
සති පහක් ඇතුළත, ට්‍රම්ප් හා එලොන් මස්ක්ගේ නායකත්වය යටතේ රාජ්‍ය සේවයේ සේවකයින් 750000ක් සේවයෙන් පහ කිරීම අරමුණු කරගත් හදිසි පියවර ක්‍රියාත්මක කර තිබේ. පරිවාස කාලය තුළ රජයේ සේවකයින් 11000ක් සේවයෙන් පහ කර ඇත. සැප්තැම්බර් අවසානය දක්වා අඛණ්ඩ වැටුප් ලබා ගැනීම සඳහා ඉල්ලා අස්වීමට දිරිමත් කරන ලද සිවිල් සේවකයින් 75,000 ක් පමණ තම තනතුරුවලින් ඉවත් වීමට එකඟ වී ඇති බව මේ අතර ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි. රාජ්‍ය සේවය 80% කින් සුද්ධ කිරීම මගින් “ඩොලර් බිලියන 2000ක්” සොයා ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි. පෙන්ටගනයේ පමණක් රාජ්‍ය සේවකයින් 5%කින් අඩු කිරීමටද ට්‍රම්ප් පාලනය කටයුතු කරමින් සිටි.
“මට එලොන් මස්ක්ට එක දෙයක් කියන්න පුළුවන් නම්, ඒක තමයි, ‘කරුණාකර මේකට අනුකම්පාවත් එකතු කරන්න’ කියන එක.” මේ තමයි නියම මිනිස්සු. “ඔවුන් රට වෙනුවෙන් චිරාත් කාලයක් තම දිවිය කැපකළ සැබෑ ජීවිත,” රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් කර්ටිස් CBS පුවත් සේවය වෙත පවසා සිටියේ දැඩි කල කිරීමකින් යුක්තවය.
“අපි මුදල් ඉතිරි කර ගත යුතු අතර ඒ සමඟම අරමුණ ජයග්‍රහණය කිරීමට කුරිරු විය යුතු යැයි පැවසීම වැරදි තර්කයකි,” ඔහු තවදුරටත් පවසා සිටියේය.
කෙසේවෙතත් එලන් මස්ක් විසින් ට්‍රම්ප් වෙත සිදු කරන බලපෑම කෙතරම් ද යත් දකුණු අප්‍රිකාව සමග පවා රාජතාන්ත්‍රික සම්බන්ධතා අවසන් කිරීමට ඇමරිකාව පෙළඹීමට ඔහු සමත් වී ඇත. දකුණු අප්‍රිකානු රජය විසින් වර්ගවාදී පාලනය අවසන් කිරීමෙන් පසුව මේ දක්වා විසඳා නැති 80%ක් එරට ඉඩම් අයිතිය හිමිව තිබෙන සුදු ජාතිකයන්ගේ ඉඩම් රජයට පවරා ගැනීමට නීති සම්මත කිරීම නිසා ට්‍රම්ප් පාලනය දකුණු අප්‍රිකාව සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා අවසන් කර ඇත. පසුගිය පෙබරවාරි 20 වැනිදා දකුණු අප්‍රිකාවේ ජොහෙන්ස්බර්ග් නගරයේ පැවැත් වූ G20 කණ්ඩායමේ රැස්වීමට ඒ අනුව ඇමරිකාව සහභාගී වුයේ නැත.
එලන් මස්ක් යනු දකුණු අප්‍රිකානු සුදු ජාතිකයෙකු වන අතර ඔහුගේ මව කැනේඩියානු ජාතික කාන්තාවක් වීම නිසා ඔහුට කැනේඩියානු පුරවැසිභාවය ද හිමි වී ඇත. එසේම ඔහුට ඇමරිකානු හා දකුණු අප්‍රිකානු ජාතිකත්වය ද ඇත. ට්‍රම්ප් විසින් කැනඩාව ඇමරිකාවේ 51ක් වන ප්‍රාන්තය කිරීමට එරෙහිව හා එලන් මස්ක් ගේ කැනේඩියානු පුරවැසි භාවය අහෝසි කරන ලෙස ඉල්ලා කැනඩා ජාතිකයින් විසින් දැවැන්ත පෙත්සමක් එරට පාර්ලිමේන්තුව මැදිහත් වීමෙන් අත්සන් කිරීම සිදු කරන අතර මේ වන විට ඒ සඳහා අත්සන් 175000ක් ලැබී ඇති බවටත් විදේශ මාධ්‍ය මේ අතර වාර්තා කර සිටි.










