මුදල් අමාත්‍යාංශයේ වාහන 176ක් අතුරුදන් – 2023ට අදාළ විගණන වාර්තාවකින් හෙළිවෙයි

මුදල් අමාත්‍යාංශයේ වාහන 176ක් අතුරුදන් – 2023ට අදාළ විගණන වාර්තාවකින් හෙළිවෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා ලද තොරතුරුවලට අනුව මුදල් අමාත්‍යාංශය නමින් ලියාපදිංචි කර ඇති වාහන 257න් වාහන 176ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ අතරින්, වාහන 99ක් පිළිබඳ භෞතික පැවැත්ම ඇතුළු තොරතුරු කිසිවක් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබූ බවද එහි සඳහන් වේ.

මුදල් අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති සියලු වාහන පිළිබඳ භෞතික පැවැත්ම හා අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට තිබේ.

මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරී විගණනයට සඳහන් කොට ඇත්තේ, මෙම වාහන 176 සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට කටයුතු කරමින් පවතින බවය.

Facebook
Twitter
LinkedIn