වත්මන් රජය විසින් ඉදිරිපත් කොට ඇති අය වැය තෘප්තිමත් තාරුණ්‍යක්, නිවහල් චින්තනයක් වෙනුවෙන් පෙරනිමිති පෙන්වන අයවැයක් බව සමාජවාදී තරුණ සංගමය සඳහන් කරයි.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික මහේෂ් අඹේපිටිය මේ බව ප්‍රකාශ කළේ වත්ම්න අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා සමාජවාදී තරුණ සංගමය විසින් අද (20) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිණි.
බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික මහේෂ් අඹේපිටිය සඳහන් කළේ ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර සිටම මෙරට තරුණ තරුණියන් සමඟ එකට එක්ව කටයුතු කරන ස්වේච්ඡා තරුණ සංවිධානයක් ලෙස කාලයක සිට තාරුණ්‍ය ගොඩනැගීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තම සංවිධානය විසින් ඉදිරිපත් කළ බවත් මෙවර අය වැය මඟින් එම වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට හැකියාව ඇති බවත්ය.
මෙම මාධ්‍ය හමුවට සම්බන්ධ වූ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන අමරසිංහ ප්‍රකාශ කර සිටියේ, ක්‍රීඩාව වෙනුවෙන් පසු ගිය ආණ්ඩු විසින් වෙන් කළ ප්‍රතිපාදනයන්ට වඩා වැඩි මුදලක් වෙන් කිරීමත්, එම වැය ශීර්ෂයන් තුළ ක්‍රීඩාව ඉහළ නැංවීම වෙනුවෙන් සකසා ඇති වැඩපිළිවෙලත්, සංවිධානයක් ලෙස අගය කරන බවය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු, පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති තරුණ තරුණියන් වෙනුවෙන් මෙවර අයවැයෙන් වැඩිපුර වෙන් කොට ඇති මිලියන 100ක මුදල පිළිබඳවත්, ඔවුන් ඉලක්ක කර ගනිමින් අරමුණු සහගතව NVQ මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලබා දීම වෙනුවෙන් දියත් කරලීමට බලාපොරොත්තු වෙන වැඩපිළිවෙලත්, අගය කරන බව ප්‍රකාශ කර ඇත.










