අයවැයෙන් කෝටි 300,000කට මොකද වුණේ?

අයවැයෙන් කෝටි 300,000කට මොකද වුණේ?

ඊයේ (17) ඉදිරිපත් කළ අයවැය ලේඛනය අනුව 2023 වසර මෙන් ම, 2024 වසරේදී ද රජයේ සමස්ත වියදමට වඩා විශාල වශයෙන් වියදම් අඩුකර ගැනීමට හැකි වී තිබේ.

2023 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 10,674ක් වූ අතර, 2024 වර්ෂයේදී එම අගය රුපියල් බිලියන 11,755ක් දක්වා ඉහළම අගයක පැවතිනි. මෙම වසරේදී රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 8,835ක් දක්වා අඩුකර ගැනීමට හැකිවී තිබේ.

ණය වාරික ආපසු ගෙවීමේදී දැරිය යුතුව තිබූ ට්‍රිලියන 3කට ආසන්න මුදල කලමනාකරණය කර ගැනීමට හැකි වූ නිසා එම බරපතළ බර අඩු කර ගත හැකිව තිබේ. ණය ප්‍රතිව්‍යූහ ගත කර කිරීමෙන් මෙවැනි පසුබිමක් සකසා ගෙන ඇති අතර පසුගිය මැතිවරණ සමයේදී විපක්ෂය ගෙනගිය ප්‍රචාර බොරු බවට පත්කරමින් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ආණ්ඩුව සමත් වී ඇති බව මෙමගින් පැහැදිලි වන්නේ යැයි විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn