ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) පස්වරුවේ නීතිපති කේ.ඒ පාරින්ද රණසිංහ, අධිකරණ ඇමති නීතීඥ හර්ෂන නානායක්කාර ඇතුළු පිරිසක් කැඳවා විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළේ, ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන කතා බහ සම්බන්ධයෙන් විමසීමට ජනාධිපති අනුර දිසානායක විසින් නීතිපති සහ අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් කැඳවා ඇති බවය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන නීතිපතිවරයාගේ මැදිහත්වීමක් සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ ආන්දෝලනයක් ඇතිව තිබේ.
Views: 0










