කූඨ ලෙස වාහන ලියාපදිංචි කළ තවත් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

කූඨ ලෙස වාහන ලියාපදිංචි කළ තවත් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

ටොයොටා ලෑන්ඩ් කුෂර් වර්ගයේ ජීප් රථයක් නීති විරෝධීව මෙරටට ආනයනය කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කළ වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයකු මොරන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව අදාල දීප් රථය පොලිස් භාරයට ගෙන ඇත.

එකී ජීප් රථය නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ මොරන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයා ඉකුත් 3 වෙනිදින අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (7) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එදිනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කර ඇති අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Facebook
Twitter
LinkedIn