අයර්ලන්තයේදීත් ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරේ…

අයර්ලන්තයේදීත් ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරේ…

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පවත්වන ලද ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උළෙලට සමගාමීව අයර්ලන්තයේදීද නිදහස් දින උත්සවයක් පවත්වා තිබේ.

ජාතික ජන බලවේගයේ අයර්ලන්ත කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා එරට වෙසෙන සහ රැකියාවල නිරත ලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වී සිට ඇත.

උත්සවය ආරම්බ කරන ලද්දේ ජාතික කොඩිය එසවීමෙන් හා සහාභාගි වූ සියලු දෙනාම ජාතික ගීය ගායනා කිරීමෙනි.

ජාතික ජන බලවේගයේ අයර්ලන්ත සංවිධායක රුවන් සමරතුංග විසින් පිළිගැනීමේ කතාව සිදු කර තිබේ.

ජනාධිපති අනුර දිසානායකගෙ නිදහස් දින පණිවිඩය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීම සෝමසිරි සමරප්පුලි විසින්ද, ද්‍රවිඩ බසින් පණිවිඩය කාන්දීපන් සෝමසූරියසිංහම් විසින්ද ඉදිරිපත් කර ඇත. ජනාධිපති අනුර දිසානායකගෙ නිදහස් දින පණිවිඩය ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කිරීම මහාචාර්ය චන්ද්‍රලාල් හේවගේ විසින් ඉදිරිපත් කර තිබේ.

ජෝර්ජ් හා හර්ෂණී දෙදෙනා විසින් ඒම උත්සව අවස්ථාව ගීතවත් කර ඇත.

Facebook
Twitter
LinkedIn