ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ආර්ථික, දේශපාලන සහ සමාජ ප්‍රතිසංස්කරණවලට එරෙහිව කටයුතු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක ප්‍රමුඛ කල්ලියක් ගොඩ නැගීමේ ප්‍රධාන සාකච්ඡාවක් පසුගිය 31 වෙනි දින තරු හෝටලයක 24 වෙනි තට්ටුවේ පවත්වා තිබේ.
එම හමුවට පොහොට්ටු පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව, මනෝ ගනේෂන් හා පලනි දිගම්බරන් නායකත්වය දරණ පක්ෂ ද සහභාගී වී ඇත. අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වීරවංශ පිලේ වීරකුමාර, පොහොට්ටු පිලෙන් ප්‍රේමනාත් සී දොලවත්ත, සුගීෂ්වර බණ්ඩාර යන මෙන් ම එක්සත් ජාතික පක්ෂයෙන් වජිර අබේවර්ධන ප්‍රමුඛ පිරිසක් ද රනිල් සාගල දෙදෙනාට අමතරව සහභාගී වී තිබේ. තුසිත හල්ලොලුව සහ සුගීෂ්වර බණ්ඩාර ඇතුළු හිටපු මන්ත්‍රීවරු නොවන පිරිසක් ද එම සාකච්ඡාවට එක්වී සිටියහ.
අනුර ප්‍රියදර්ශන යාපා සහ උදය ගම්මන්පිලගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ සැලසුම් ඉක්මනින් දැන ගැනීමට මෙන් ම, ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කර ගෙන ඇත. සුසිල් ප්‍රේමජයන්තගේ යෝජනාවක් අනුව නීති ආධාර කමිටුවක් ද පුළුල් සහභාගීත්වයකින් පත්කර ගැනීමට යෝජනා කර තිබේ.










