ඖෂධ ටෙන්ඩරය ගැන පුවත අසත්‍යයි… SPC නිවේදනය මෙන්න…

ඖෂධ ටෙන්ඩරය ගැන පුවත අසත්‍යයි… SPC නිවේදනය මෙන්න…

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් මුඛ ද්‍රාවන ටෙන්ඩරයක් අසාදු ලේඛණ ගත සමාගමකට ප්‍රදානය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් එහි සත්‍ය තොරතුරු කුමක්ද යන්නත් පැහැදිලි කරමින් රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව ටෙන්ඩර් කැඳවීමෙන් පසු අඩුම ලංසුකරු වෙත ටෙන්ඩරය ප්‍රදානය කිරීමට තීරණය කර ඇති අතර අඩුම ලංසුව ඉදිරිපත් කර ඇති සමාගම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නමුත් රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත ගෙවීම් පැහැර හරින ලද සමාගමක් බැවින් එම ටෙන්ඩරය අවලංගු කර තිබේ.

ඒ අනුව මෙම ටෙණ්ඩරය ඉදිරිපත්ව තිබූ අනෙකුත් ලංසු කරුවන් අතරින් සුදුසු ලංසුකරුවෙකු තෝරා ගෙන තිබී ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇත්තේ එසේ කටයුතු අවසන් කර තිබී ඇති තත්වයක් තුළය.

Facebook
Twitter
LinkedIn