පසුගිය දිනවල ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කුඹුරු අක්කර 177,500ක් පමණ විනාශ වී ඇති බව නිල වශයෙන් හෙළි වී තිබේ.
එම දත්ත ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දෙසැම්බර් 02 දින වනවිට ලැබී තිබූ ඒවා වේ. ඒ අනුව, කුඹුරු අක්කර 91,300ක් පූර්ණ හානියට පත්වී තිබේ. කුඹුරු අක්කර 86,225ක් අර්ධ හානිනියට පත්ව ඇති අතර සුළු වාරිමාර්ග 177ක් සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ.
එමෙන් ම, සුළු වාරිමාර්ග 1,148ක් අර්ධ වශයෙන් විනාශ වී තිබේ. ඊට අමතරව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් අක්කර 750ක එළවලු වගා විනාශ විය.
විනාශ කුඹුරු හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක වන්දි ගෙවීමට සහ බඩඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූණු සහ සෝයා බෝංචි වගා විනාශය වෙනුවෙන් හෙක්ටයාර් එකකට රුපියල් 40,000ක උපරිම වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
Views: 0










