“මම කැමති නෑ මගේ දරුවන්ට ශාප කරනවාට” – සජිත්ගේ මන්ත්‍රී දරුවන්ට ශාප වන ආකාරයෙන් වැඩ පටන් ගනී

“මම කැමති නෑ මගේ දරුවන්ට ශාප කරනවාට” – සජිත්ගේ මන්ත්‍රී දරුවන්ට ශාප වන ආකාරයෙන් වැඩ පටන් ගනී

සජිත් පිලේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටි චමින්ද විජේසිරි මෙම වසර ආරම්භයේදී ම ජනවාරි 09 වෙනි දින මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් විශේෂ ප්‍රකාශයක් කරනු ලැබීය.

එහිදී ඔහු අවධාරණය කළේ ජනතාව තමන්ගේ දරුවන්ටත් ශාප කිරීම දරා ගත නොහැකි බව ය. ඒ ආකාරයේ පාදඩකරණයට ලක් වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවට ඔහු නැවතත් මෙවර පාර්ලිමේන්තුවේදී පැරණි ආකාරයේ ම මාර්ගයක ගමන් කරන බව අද (17) දැක ගත හැකි විය. රජයේ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීමේදී පවත්වාගෙන යා යුතු අවම විනය හෝ නොමැතිව මඩ අවලාදවලට මුල් තැන දෙනු දකින්නට ලැබිණි.

ඔහු ඉල්ලා අස්වීම සඳහා කළ කතාව පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn