සජබ ජාතික ලයිස්තුවෙන් හිරුණිකා හලයි…

සජබ ජාතික ලයිස්තුවෙන් හිරුණිකා හලයි…

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද පදනම මත හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 05 සහඳා පුරප්පාඩු වී තිබූ මන්ත්‍රී ධුර 04 සඳහා මේ වනවිට මන්ත්‍රීවරු සිව් දෙනෙකු නම් කර ඇත.

එම මන්ත්‍රීවරු අතර ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයක් වෙනුවෙනු දිගින් දිගටම කතා කරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම් කර නොමැති වීම විශේෂත්වයකි.

එමෙන්ම තමන්ට මන්ත්‍රී ධුයක් නොලැබුණහොත් සියදිවි නසා ගැනීමට සිදුවන බව සඳහන් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ටද මන්ත්‍රී ධුරයක් හිමිව නැත.

කෙසේ වෙතත් එම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 04 හිමිව ඇත්තේ සුජීව සේනසිංහ, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිෂාම් කාරියප්පර් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මොහොමඩ් ස්මයිල් මුත්තු මොහොමඩ් යන සිව්දෙනාටය.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරද පත්වූයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්