ජනාධිපති අනුර පළමු විදෙස් සංචාරයට සූදානම්

ජනාධිපති අනුර පළමු විදෙස් සංචාරයට සූදානම්

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පළමු විදේශ සංචාරය 15 වෙනි දින ඉන්දියාව බලා පිටත්වීමෙන් ආරම්භ කිරීමට නියමිතය.

එම සංචාරය 15 දින සිට 17 වෙනිදා දක්වා යොදා ගෙන ඇති අතර ඉන්දීය ජනාධිපති, අගමැති ඇතුළු රාජ්‍ය නායකයින් හමුවී නිල සාකච්ඡා පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ විදේශ අමාත්‍ය විජිත හේරත් සහ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අරූන් හේමචන්ද්‍රන් එම සංචාරයට එක්වීමට නියමිතය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අනුර කුමාර දිසානායක සමඟ විදේශ රටවල් රැසක් දැඩි සුහදතාවයකින් යුතුව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා තිබිණි. මුල්ම නිල සංචාරය සඳහා රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පූටින් නිල ආරාධනයක් කර තිබූ අතර, ඒ වනවිට මහ මැතිවරණ සමය පැවති බැවින් එම සංචාරයට සහභාගී වීමට නොහැකි විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්