පසුගිය සතියේ ඇති වූ සුලි කුණාටු තත්වය සහ ධාරානිපාත වර්ෂාවෙන් ඍජු බලපෑමට ලක්වූවන් 471,249ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම දත්තවලින් අනාවරණය වේ.
එම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව 17ක් බව සඳහන් වේ. මේ වනවිටත්, ආපදාවට පත්වූවන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතින අතර, දිස්ත්‍රික් මට්ටමින් එම දත්ත වර්ගීකරණය කරමින් සමස්ත හානිය පිළිබඳව තොරතුරු එක්රැස් කෙරමින් පවතී. විශේෂයෙන් නිවාස මුළුමනින්ම හානියට පත්වීම සහ කුඹුරු සහ එළවලු වගාවන් මුළුමනින්ම හානියට පත්වීම පිළිබඳව පුරෝකතනය කළ තත්වයන් ඉක්මවා ගොස් ඇති බව හෙළි වෙමින් පවතී.
කුඹුරු නැවත වගා කිරීම බරපතළ ම ප්‍රශ්නය වී ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයන් පෙන්වා දී තිබේ. කුඹුරු නැවත යථා තත්වයට පත් කිරීම සහ බීජ වී සපයා ගැනීම බරපතළ ගැටළු ලෙස එම නියෝජිතයන් පෙන්වා දී ඇත.
73










