රනිල් සහ දිනේෂ් දෙදෙනා කොටු වෙයි ?

රනිල් සහ දිනේෂ් දෙදෙනා කොටු වෙයි ?

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ඉතාමත් අඳබාල ආකාරයට කැබිනට් අනුමැතිය ලබා දී තිබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, රනිල් වික්‍රමසිංහ සහ හිටපු අගමැති, දිනේෂ් ගුණවර්ධන යන දෙදෙනා ද වගකිව යුතු බවට කරුණු හෙළි වෙමින් පවතී.

මේ වන විට හිටපු කැබිනට් ඇමැතිවරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දෙමින් සිටිති. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස හිටපු ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු අගමැති, දිනේෂ් ගුණවර්ධන ද එම ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සිදු කළ යුතු බව හෙළි වී තිබේ.

විශේෂයෙන් ම කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිව සිටිය දී, ඔහුට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරුන් ද ජාවාරම සම්බන්ධයෙන් වගකිව යුතු බව මහජනතාවගේ අදහස වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්