පසුගිය සතියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනයෙන් සිදු වූ හානිය පිළිබඳ තොරතුරු විශාල වශයෙන් මේ වන විට අනාවරණය වෙමින් පවතී.
දැනට හෙළි වී තිබෙන තොරතුරු අතර, කුඩා වැව් 248ක බැමි කැඩී ගොස් ඇති අතර, තවත් වැව් 341ක් අවදානම් මට්ටමේ තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස්, රෝහණ රාජපක්‍ෂ හෙළි කර ඇත.
මේ අතර, කුඹුරු අක්කර ලක්‍ෂ හතරක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති බව ද, නැවත වී වගාව සිදු කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී සපයා ගැනීම අභියෝගයක් වී ඇති බව ද අනාවරණය වේ.
සිදු වී ඇති සම්පූර්ණ නිවාස හානි සහ අර්ධ නිවාස හානි පිළිබඳ තොරතුරු මේ වන විටත් ලැබෙමින් පවතී.
390










