ලබන මස අවසානයේදී පැවැත්වීමට නියමිත වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සම්බන්ධයෙන් කිසියම් සංවිධානාත්මක පිරිසක් ගෙන ගිය අසත්‍ය ප්‍රචාර පරාජයට පත් කර තිබේ.
විභාග කොමසාරිස්වරයා අද (30) පෙරවරුවේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඉතා පැහැදිලිව සඳහන් කළේ නොවැම්බර් 25 වෙනි දින සිට දෙසැම්බර් 20 වෙනි දින දක්වා සැලසුම් කළ පරිදිම එම විභාගය පවත්වන බව ය.
එමෙන් ම, නිල නිවේදන හැරුණු විට, වෙනත් ප්‍රචාර සම්බන්ධයෙන් නොරැවටෙන ලෙස ද විභාග අපේක්ෂකයන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙවර උසස් පෙළ සඳහා අයදුම්කරුවන් 333,195ක් පෙනී සිටීමට නියමිත ය. එයින් 253,290ක් පාසල් අයදුම්කරුවන් වන අතර, 74,495ක් පෞද්ගලික අයදුම්කරුවන් ය. මධ්‍යස්ථාන 2,317ක දී එම විභාගය පැවැත්වේ.
Views: 0










