වයස අවුරුදු 11 – 12 අතර වයසේ පසුවන සිසුවියන් සඳහා ලබා දෙන ගැබ් ගෙල පිළිකා එන්නත් ලබා දීමෙන් අසාත්මිකතා හට ගැනීමෙන් රෝහල් ගත කිරීමට සිදු වන බව වාර්තා වේ.
අද (29) වාද්දුව බාලිකා විදුහලේ සිසුවියන් හට එම එන්නත් ලබා දී ඇත. ඉන් පසු ස්වසන අපහසුතා ඇතිවීම සහ වමනය ඇතිවීම නිසා එම සිසුවියන් පිරිසක් රෝහල් ගත කිරීමට සිදු වී තිබේ. සිසුවියන් 135 දෙනෙකුට එම එන්නත් ලබා දී ඇති අතර, ඉන් පසු වෛද්‍ය කාර්ය මණ්ඩලවල අධීක්ෂණය යටතේ තබන පැය බාගයක කාලය තුළ එලෙස අසාමිකතා ලක්ෂණ පහළවීම නිසා සිසුවියන් 4 දෙනෙකු රෝහල් ගත කර ඇත.
මෙයට සති දෙකකට පමණ පෙර එම එන්නත ලබා දුන් අඟුරුවාතොට ප්‍රදේශයේ පාසල් සිසුවියන් ද රෝහල් ගත කිරීමට සිදු වී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
Views: 0










