කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්…

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්…

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (28) දිනයේ දී ඒකක 92.48කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 12,610.06ක් ලෙසින් සටහන් වී තිබේ.

මෙය 2024 වසරේ මේ දක්වා කාලය තුළ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය වන අතර 2022 පෙබරවාරි 07 දිනෙන් පසු වාර්තා වී තිබෙන ඉහළම අගයයද වේ.

මේ අතර S&P SL20 දර්ශකය අද දිනයේ දී ඒකක 31.60ක වර්ධනයක් වාර්තා කර ඇති අතර දිනය අවසානයේදී එහි අගය දැක්වී ඇත්තේ ඒකක 3,790.90ක් ලෙසිනි.

අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට LOLC හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, සම්පත් බැංකුව, මෙල්ස්ටාකෝප් සහ ජෝන් කීල්ස් හොල්ඩිංග්ස් යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.

රුපියල් බිලියන 4.42ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබේ.

ඒ සඳහා හැටන් නැෂනල් බැංකුවේ රුපියල් මිලියන 832.20ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවකින් වැඩිදායකත්වයක් ලැබී ඇත. හැටන් නැෂනල් බැංකුවේ කොටස් ගනුදෙනු හරහා අද දින වාර්තා වී ඇකි මුළු පිරිවැටුම රුපියල් මිලියන 956කි.

මීට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රුපියල් මිලියන 271.99ක්, සම්පත් බැංකුව රුපියල් මිලියන 333ක්, CIC රුපියල් මිලියන 420ක් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රුපියල් මිලියන 181ක් යන සමාගම් අද දිනයේ ඉහළ පිරිවැටුම් වාර්තා කර ඇත.

අද දින දේශීය මිල දී ගැනීම් රුපියල් බිලියන 4.33ක් හා දේශීය විකිණුම් රුපියල් බිලියන 4.32ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 86ක් ලෙසත් විදේශීය විකිණුම් රුපියල් මිලියන 98ක් ලෙසත් සටහන් වී තිබේ.

සියලු කොටස් මිල දර්ශකයට අනුව වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 18.36%ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

Facebook
Twitter
LinkedIn