විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ශක්තිමත් කණ්ඩායමක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර ඇතැයි ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ශාන්ත පද්මකුමාර අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (26) ගොඩකවෙලදී පැවති ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ශාන්ත පද්මකුමාර,
“පසුගිය ජනාධිපතිවරණයේදී මාධ්‍ය ආයතන කිහිපයක් සහ වෙනත් මඩ, අවලාද නඟන්නන් විශාල පිරිසක් වාගේම භික්ෂුන් වහන්සේලා දෙතුන් නමක් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරවලට හසු නොවී රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව අප ජයග්‍රහණය කරවූවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා තෝරා පත්කර ගැනීමෙන් පසුවයි ඔබ මේ විජයග්‍රාහී රැලියට සහභාගී වන්නේ. දෙවැනි ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද ලක්ෂ 13කින් අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස ඔසවා තැබුවා. ආදරණීය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලුදෙනා එක්වී අනුර සහෝදරයා ජනාධිපති ධුරයට පත්කර ගත්තා. ජනාධිපති සහෝදරයෙක් නිර්මාණය කළේ ඔබේ ඡන්දයෙන්. එයින් ලබාගත් පළමු ජයග්‍රහණය තවදුරටත් තහවුරු කරමින් එන මාසයේ 14 වැනිදා අප ලබන ජයග්‍රහණය කහවත්ත රැලියෙන් තහවුරු කර අවසන්. මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, ඉංජිනේරුවරුන්, කලාකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදර ජනතාවත් එකමිටට එක්කර ගත් පිරිසක් ඉදිරිපත් කර සිටිනවා. මේ පිරිස අතුරින් ඔබ කැමැති ඕනෑම තුන්දෙනකුට මනාප අංකය ලබාදී පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන්න. මේ සියලු දෙනා පාර්ලිමේන්තුවේ ඔබ නියෝජනය කරන්න සුදුසුකම් සම්පූර්ණ කරපු අයයි.”














