UN නියෝජිතයින් අගමැති හමුවෙයි

UN නියෝජිතයින් අගමැති හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (22) අගමැති කාර්යාලයේදී සිදුව තිබේ.

එහිදී මෙරට සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche අගමැති වෙත සිය සුභ පැතුම් පිරිනමා ඇති අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ එකඟතාවද පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අවම කිරීමේ වැඩපිළිවෙලට සහ ඩිජිටල්කරණ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සහය ලබා දී තිබේ.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර අතර මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්තෙන් සිටින බවද ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche සඳහන් කර ඇත.

මෙම අවස්ථාවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස්, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ පැට්‍රික් මැක් කාර්ති සහ නෙත්මිණි මැදවල යන නිලධාරීන් එක්ව සිටි බව ඇගමැති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn