මේ දුෂ්ට චක්‍රය අපි අවසන් කරන්න ඕනෑ – චන්දන සූරිය ආරච්චි

මේ දුෂ්ට චක්‍රය අපි අවසන් කරන්න ඕනෑ – චන්දන සූරිය ආරච්චි

“ඉතිහාසයේ හැම අවස්ථාවකම මේ රටේ වැඩකරන ජනතාව ආණ්ඩු හැදීමට දායක වෙලා තිබෙනවා. ඔවුන්ට සිද්ධ වුණේ ඉන්පසු දිගටම තම අයිතීන් ඉල්ලා දිගටම සටන් කරන්න. මේ දුෂ්ට චක්‍රය අපි අවසන් කරන්න ඕනෑ. ඒ සඳහා අවස්ථාව මේ මැතිවරණයේදී වැඩකරන ජනතාව ප්‍රමුඛ මේ රටේ පීඩිත ජනතාවට උදාවෙලා තිබෙනවා. පසුගිය 21 වැනිදා අප ලැබූ ජයග්‍රහණයෙන් පසු මේ රට ගොඩනැගෙන දිසාවට රට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය අඩිතාලම වැටෙමින් තිබෙනවා. ඒ වගේම අපේ රටේ ජනයා අපේක්ෂා කළ ඒ වංචාවලට දූෂණයට එරෙහිව පියවර දැන් ක්‍රමාණුකූලව මේ ආණ්ඩුව ගනිමින් තිබෙනවා.” යැයි ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථනායේ නියෝජ්‍ය ලේකම්, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක චන්දන සූරිය ආරච්චි අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ලබන 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ ජය තහවුරු කරමින් ඊයේ (20) හොමාගමදී පැවති ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථනායේ නියෝජ්‍ය ලේකම්, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක චන්දන සූරිය ආරච්චි,

“මුළු රටම නව පුනරුදයකට යොමු වෙමින් ඉදිරි ජයග්‍රහණය සඳහා පෙළ ගැසෙමින් සිටින මොහොතක් මේ උදාවෙලා තිබෙන්නේ. දශක 07ක් මේ රට පාලනය කරපු පාලකයන් මේ රටේ ජනතාව රැවැට්ටුවා. විශේෂයෙන් වැඩ කරන ජනතාව රැවැට්ටුවා. ඒ ජනතාවගේ කරමතින් ගොස් බලය ගත් පාලකයන් හැමදාම වැජඹුනා. සැප වින්දා. මේ රටේ පීඩිත ජනතාවට තම ජීවිත අහිමි කළා. දශක ගණනාවක් මේ පාලකයන් ගෙන ගිය පීඩකාරී පාලනයට එරෙහිව මේ රටේ ජනතාව පොරබැදුවා. සටන් කළා. මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා. අද එම උත්සාහය මල් ඵල දරමින්, තිබෙනවා. ඒ අපේක්ෂාව ජයග්‍රහණය කරමින් අපිට පුළුවන්කම ලැබුණා, පසුගිය 21 වැනිදා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරවමින් ආරම්භක පියවර තබන්න.

අපේ අනුර සහෝදරයාත්, විජිත සහෝදරයාත්, හරිනි සහෝදරියත් වැඩ පටන් අරන් තවම මාසයයි. දැන් අපේ විරුද්ධවාදීන්ට මාර කුලප්පුවක් හැදිලා කෝ වැඩ කියලා අහනවා. අපි ඒ ගොල්ලන්ට කියනවා කලබල වෙන්න එපා. දශක 07කට වැඩි කාලයක් මේ පාලකයන් මේ රටට කළ විනාශයට හා අපරාධවලට එරෙහිව මේ රටේ ජනතාවත් සමග එකතු වෙලා ආණ්ඩුව නීත්‍යානුකූල පියවර ගන්නවා. අපි ඒ ගැන සහතික වෙනවා. අපි ලැබූ සුවිශේෂී ජයග්‍රහණයට මේ රටේ වැඩකරන ජනතාව විශාල දායකත්වයක් දුන්නා. පසුගිය 21 වැනිදා පැවති ජනාධිපතිවණයේදී අනුර සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පළමු වෙඩි මුරය තැබුවේ මේ රටේ රාජ්‍ය සේවකයන් හා අර්ධ රාජ්‍ය සේවකයන් බව අපි සිහිපත් කළ යුතුයි. අපේ රටේ වැඩකරන ජනතාව තම අයිතීන් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් මේ රටේ විවිධ ආණ්ඩු පත් කළා. මේ රටේ පෞද්ගලික අංශයේත් වතු ක්ෂේත්‍රයේත් ජනතාවත් එවැනිම බලාපොරොත්තුවකින් විවිධ ආණ්ඩු බලයට ගේන්න දායක වුණා. දශක ගණනාවක් අපි ඒ සඳහා විවිධ පාලකයන් බලයට ගෙනාවා. නමුත් මේ රටේ වැඩකරන ජනතාවට ඉන් යුක්තිය ඉටු වුණේ නැහැ. එනිසා තමයි මේ රටේ වැඩකරන ජනතාව මාන බල බලා සිටියේ. ඒ අසාධාරණයට එරෙහිව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න. අන්න ඒ අනුව තමයි පසුගිය 21 වැනිදා මේ රටේ ජනතාව ඒ ඓතිහාසික තීන්දුව ගත්තේ. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ ජනතාව විශාල ශක්තියක් හා දායකත්වයක් ලබා දුන්නා.

ඒ නිසා අපි දැඩිසේ විශ්වාස කරනවා, ඉදිරි මහ මැතිවරණය පවත්වන නොවැම්බර් 14 වැනිදාත් අපිට ඡන්දය දුන් වැඩකරන ජනතාවත්, ඔවුන් අතර සිටින අපිට ඡන්දය නොදුන් ජනතාවත් ජාතික ජන බලවේගයේ ශක්තිමත් ආණ්ඩුවක්, පාර්ලිමේන්තුවක් හදා ගැනීමට වැඩිම දායකත්වය දෙයි කියලා. ඒක අපිට සහතිකයි. ඉතිහාසයේ හැම අවස්ථාවකම මේ රටේ වැඩකරන ජනතාව ආණ්ඩු හැදීමට දායක වෙලා තිබෙනවා. ඔවුන්ට සිද්ධ වුණේ ඉන්පසු දිගටම තම අයිතීන් ඉල්ලා දිගටම සටන් කරන්න. මේ දුෂ්ට චක්‍රය අපි අවසන් කරන්න ඕනෑ. ඒ සඳහා අවස්ථාව මේ මැතිවරණයේදී වැඩකරන ජනතාව ප්‍රමුඛ මේ රටේ පීඩිත ජනතාවට උදාවෙලා තිබෙනවා. පසුගිය 21 වැනිදා අප ලැබූ ජයග්‍රහණයෙන් පසු මේ රට ගොඩනැගෙන දිසාවට රට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය අඩිතාලම වැටෙමින් තිබෙනවා. ඒ වගේම අපේ රටේ ජනයා අපේක්ෂා කළ ඒ වංචාවලට දූෂණයට එරෙහිව පියවර දැන් ක්‍රමාණුකූලව මේ ආණ්ඩුව ගනිමින් තිබෙනවා.

රට දැන් අලුත් මාවතකට, නව පුනරුද යුගයකට හැරෙමින් තිබෙන අවස්ථාව උදාවෙලා. ඒ වගේම මේ රටේ ජනතාවගේ සහ අනාගත පරම්පරාවේ ජීවිත ලස්සන කරන, රට පොහොසත් කරන පියවර ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ ස්ථිර වශයෙන්ම ගන්නවා කියන සහතිකය අපි ඔබට දෙනවා. එනිසා ලබන නොවැම්බර් 14 වැනිදාට පවත්වන මහ මැතිවරණයේදීත් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් ඡන්දය දී ඔවුන් දිනවා අපේ රටේ පාර්ලිමේන්තුව ඔවුන්ගෙන් පුරවාලීමට මේ රටේ ජනතාව දැන්නම් දෙවාරයක් නොසිතන බවද අපිට සහතිකයි.”

Facebook
Twitter
LinkedIn