මහ මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා ලබා දී තිබෙන අපේක්ෂකයන් හට මනාප අංක නිකුත් කිරීමේ උණුසුම කරලියට ඇවිත් තිබෙන අවස්ථාවේ පවිත්‍රා වන්නිආරච්චි සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇත.
පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී පසුව අවසන් මොහොතේ රාජපක්ෂ පවුල හැර ගිය ඇය මෙම පාර්ලිමේන්තු මැතිවරණයේ දී නැවත එම පවුල සමඟ එක්වීමට උත්සාහ දරා තිබේ. ඇය මහින්ද රාජපක්ෂ හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත්, නමුත් ඇයගේ ඉල්ලීම සම්පූර්ණයෙන් බැහැර කළ බවත් වාර්තා වී තිබේ.
මෙවර මැතිවරණයට රනිල් පිල වෙනුවෙන් නාමයෝජනා බාර දී තිබෙන පවිත්‍රා වන්නිආරච්චිට එරෙහිව එම පිල අභ්‍යන්තරයෙන් ම මේ බව හෙළිදරව් කර ඇත.
Views: 0










