සමගි ජන බල සංධානයේ මාතලේ දිස්ති‍්‍රක්කය වෙනුවෙන් මහ මැතිවරණ නාම ලේඛනය සකස් කිරීමේදී රෝහිනී කවිරත්න තම බලය පෙන්වා ඇති බව අනාවරණය වේ.
එම පක්ෂයෙන් තරග කිරීම සඳහා රංජිත් අළුවිහාරේ හට අවස්ථාව අවසන් මොහොත දක්වා ලබාදී නොමැත. එම දෙදෙනා අතර පවතින ගැටුමක් නිසා රෝහීනී කවිරත්න රංජිත් අළුවිහාරේට එරෙහිව දිගටම බලය යොදවා ඇති බව වාර්තාවලින් දැක්වේ.
මාතලේ දිස්ත‍්‍රක්කය වෙනුවෙන් නාම යෝජනා සලකා බැලූ කමිටුවද රෝහනී කවිරත්න අනුව යමින් රංජිත් අළුවිහාරේට එරෙහිව කටයුතු කර ඇත. අවසානයේදී රංජිත් අළුවිහාරේ හට නාම යෝජනා ලබා දීමට කෙසේ හෝ උත්සාහ කර තිබේ.
13,780










