රනිල්ගේ උපදේශක මහාචාර්යවරයා ජනාධිපති අනුරටත් උපදෙස් දෙන්න අරන්

රනිල්ගේ උපදේශක මහාචාර්යවරයා ජනාධිපති අනුරටත් උපදෙස් දෙන්න අරන්

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර නව ජනාධිපති, අනුර කුමාර දිසානායකටත් ගුරුහරුකම් දීමට පටන්ගෙන තිබේ.

‘ලංකාදීප’ පුවත් පතට ඔහු සතිපතා ලියන ලිපියක මෙම උපදෙස් දීම සිදු කිරීමට පටන්ගෙන ඇත. අද (02දා) එම ලිපියෙන් ඔහු දක්වා තිබූ කරුණු උපුටාගෙන පහත දැක් වේ :

“ආණ්ඩුවේ වගකීම වන්නේ දැනටමත් ඇතිකරගෙන තිබෙන සම්මුතිය ක්‍රියාත්මක කරන අතර ම ආර්ථික වර්ධනය ඉහළ නැංවෙන ආකාරයට නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, දූෂණය සහ නාස්තිය අඩු කිරීමට කටයුතු කිරීමත් ය” යනුවෙන් දක්වා තිබේ.

පසුගිය කාලය පුරාම මෙම ලිපියෙන් අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගයට එරෙහිව නොයෙක් ව්‍යාජ සහ විකෘති කළ කරුණු ඉදිරිපත් කළ මෙම මහාචාර්යවරයා මේ ලෙස නව රජයට උපදෙස් දීමට පටන් ගෙන තිබීම විහිළු සහගත ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්