ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත හේරත් – නිමල් සිරිපාල ඉවතට

ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත හේරත් – නිමල් සිරිපාල ඉවතට

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපති නියෝජිතියා ලෙස පත් කර සිටි හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඉවත් කර අමැති විජිත හේරත් පත් කර තිබේ.

ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිඛිතව දැනුම් දී ඇත.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද ඊළඟ පාර්ලිමේන්තුව රැස්වන තෙක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක විය යුතුය. පවත්නා ත්වය අනුව මේ වනවිට ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස තවදුරටත් කතානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කරයි.

එහි සෙසු සාමාජිකයන් වන්නේ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු මන්ත්‍රී කබීර් හෂීම්, හිටපු මන්ත්‍රී සාගර කාරියවසම් හා සිවිල් සංවිධාන නියෝජිතයන් වන ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන පිරිසය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්