නව ජනාධිපති, අනුර කුමාර දිසානායක සහ නව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙන්ම අමාත්‍ය, විජිත හේරත් යන ත්‍රිපුද්ගල කැබිනෙට් මණ්ඩලය සම්බන්ධයෙන් සහ ජාතික ජන බලවේගයේ අනෙකුත් නායකයන් ඉලක්ක කර ගනිමින්, ගෙන යන මඩ, අවලාදවල කිසිදු අඩුවක් නොමැති බවත්, ඒ පිළිබඳව සමස්ත ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් විචාරකයෝ පෙන්වා දෙති.
විශේෂයෙන් ම එවැනි මඩ, අවලාද නඟන්නන් අතර ඇතැම් මහාචාර්යවරුන්, නීතිඥයන් සහ වෛද්‍යවරුන් පවා සිටින බව තහවුරු වී තිබේ. ඔවුන් විසින් නිර්මාණය කරනු ලබන ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම සමාජ මාධ්‍ය ‘පෝස්ට්’ දිගින්දිගටම ව්‍යාප්ත කෙරෙමින් තිබේ.
එවැනි ප්‍රචාර කිහිපයකට උදාහරණ ලෙස නව ජනාධිපති, අනුර කුමාර දිසානායක මැනින් වෙළෙඳපොළේ සංචාරයක යෙදීම ඇතුළු ව්‍යාජ ප්‍රවෘත්ති ගණනාවක් නිර්මාණය කර තිබිණි. එසේම අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් ද විශේෂයෙන් ම එවැනි ප්‍රචාර දියත් කර ඇත.
මෙම තත්ත්වය තුළ රජයේ නිල නිවේදන සහ පිළිගත් මෙන්ම නීත්‍යනුකූල මූලාශ්‍ර මත පදනම් වූ ප්‍රවෘත්ති හැර වෙනත් ප්‍රචාර කෙරෙහි මුළා නොවන ලෙස විශේෂයෙන් ම විචාරකයන්ගේ ඉල්ලීමක් වී තිබේ.









