රනිල් ගැසූ ගේම කොහොම ද!

රනිල් ගැසූ ගේම කොහොම ද!

හිටපු අනුප්‍රාප්තික ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මාස 26ක් තුළ අවම වශයෙන් රුපියල් බිලියන 5,113ක දේශීය ණය ලබාගෙන ඇති බව අනාවරණය වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ‘දෙරණ’ රූපවාහිනී වැඩසටහනක දී මේ බව හෙළි කළේ ය. 2022 අප්‍රේල් මාසය වන විට මුළු දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 12,442ක් වී තිබිණි. එය 2024 ජුනි මාසය වන විට රුපියල් බිලියන 17,555ක් දක්වා අතිවිශාල වශයෙන් ඉහළ දමා තිබේ.

මේ සම්බන්ධයෙන් මහාචාර්යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේ රුපියල් බිලියන 5,113ක් දේශීය ණය ශුද්ධ වශයෙන් වැඩි වීම කෙරෙහි විනිමය අනුපාත වෙනස් වීම ඇතුළු අවශේෂ සාධක කිසිවක් බලනොපාන බව ය. එනම්, සෘජු වශයෙන් ණය ලබා ගැනීම නිසා ම මෙම ණය තොගය ඉහළ ගොස් ඇති බවයි.

Facebook
Twitter
LinkedIn