ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

මෙරට සංගීත රසිකයින් අතර ජනප්‍රිය ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පීයෙකු සහ සංගීත නිර්මාණකරුවෙකු වන සේනක බටගොඩ අද (11) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 65 වන වියේ පසු වූ ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ අසනීප තත්වයක් සඳහා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ඔහු ගැයූ ගීත අතර සිහින මවන්නැති, සැනසෙන්නම් මා, අපි කවුරුද, හීනවලට පණක්, නිදි නැති රැය, අපි සැනසිල්ලේ, අළු යට ගිනි යන ගීත රසිකයන් අතර මහත් ආදරයට පාත්‍ර විය.

Facebook
Twitter
LinkedIn