ඡන්ද 3% දක්වා වැටෙද්දී අධිෂ්ඨානශීලීව ගමන් කළ යුත්තේ කෙසේ දැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පෙන්වා දී තිබෙන බව කැලණිය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ප්රියන්ත ප්රනාන්දු අවධාරණය කරයි.
ඔහු ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේ අද (10) පෙරවරුවේ මාලිමාවේ ජය වෙනුවෙන් විශ්වවිද්යාල ආචාර්යවරුන් විසින් පවත් වන ලද මාධ්ය හමුවක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ කැලණිය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ප්රියන්ත ප්රනාන්දු,
“අපි මේ අවස්ථාවේ සූදානම් වන්නේ දේශපාලන වශයෙන් රට ගෙන යන්න නායකයෙක් තෝරා ගන්න. එවැනි නායකයකුගේ තිබිය යුතු ගුණාංග, දක්ෂතා සහ හැකියාවන්, කුසලතාවන්, උපායශීලී කළමනාකාරීත්වය, පෞරුෂය වාගේ ගුණාංග මේ නායකයන්ගේ තිබෙන්නේ කොහොම ද කියලා සලකා බැලීම ඉතාම අවශ්යයි. මෙතැනට රැස් වී ඉන්නේ අවුරුදු ගණනක් විශ්වවිද්යාලවල ඉගෙනගෙන, උපාධිය ලබාගෙන ඉන්පසුව ආචාර්යවරුන් ලෙස දැනුම සොයා ගැනීමට සහ බෙදාහැරීමට විවිධ රට රටවලට පවා ගොස් තිබෙන අයයි. එවැනි රටක් බවට මේ රට පරිවර්තනය කරමින්, ජීවත් වීමේ අපේක්ෂාවක් අපට තිබෙනවා. අපේ විෂයය පැත්තෙන් අපි ඉහළට ගියත්, මේ රට ඉහළට ගෙන යන්න දේශපාලනඥයන් ක්රියා කර නැහැ. ඒ නිසාම අපටත් මේ දේශපාලනය වෙනුවෙන් ක්රියාකාරීව මැදිහත් වන්න සිදු වී තිබෙනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් පසුගිය කාලය පුරා කතා කළ සහ ක්රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් විමසා බැලුවාම මේ රටේ සමස්ත ජනතාවගේ සිහිනය සැබෑ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව තක්සේරු කිරීම අවශ්යයි. ඒ අතුරින් රනිල් වික්රමසිංහ කතා කරන දේවල් බැලුවාම මට නම් හිතෙන්නේ ඔහු තවමත් අතීතයේ ඉන්න බවයි. පෝලිම් යුගයක් තිබුණු 1977 කාලයට පෙර තිබුණු තත්වය නැති කර ඇට රාත්තල් අටක් දෙන බව කියලා ජේ. ආර්. ජයවර්ධන හයෙන් පහක බලයක් ගත්තා. ඉන් පසුව ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති වී රනිල් වික්රමසිංහ එදා ඉඳලා ම අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔහු අද කියන්නේ රටක් ගොඩනඟනවා කියලා නොවෙයි. පෝලිම් යුගය නැති කරනවා; ගෑස් දෙනවා; තෙල් දෙනවා කියන කතාවයි. එහෙම නම්, ඔහු නායකයෙක් නොවෙයි.
තව දෙන්නෙක් තමන්ගේ පිය උරුමයෙන් අපේක්ෂකත්වයට ඇවිත් ඉන්නවා. තමන්ගේ හැකියාව, දක්ෂතාව, කුසලතාව පෙන්වා නැහැ. ඔවුන්ගේ අධ්යාපනය පිළිබඳවත් ගැටලු තිබෙනවා. ඔවුන් කියන්නේ තමන්ගේ පියවරුන් ගෙන ආ දේවල් ඉදිරියට ගෙන යන බවයි. මෙවැනි පසුබිමක තමයි, ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන අපි කතා කරන්නේ. ඔහු ඈත ගමක ඉපදී, දුෂ්කරතා විඳගනිමින්, දක්ෂතාව සහ කුසලතාව නිසාම කැලණිය විශ්වවිද්යාලයට පැමිණ ශිෂ්ය සංගමයට නායකත්වය දී ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්ය අංශයේ නායකයා ලෙස පත් වෙනවා. ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වෙනවා ය කියන්නේ දක්ෂතාව සහ කුසලතාව කොපමණ තිබෙන්න ඕනෑද යන්න පැහැදිලියි. පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ඡන්ද ප්රමාණය 3% දක්වා පහත වැටුණත්, ඔහුගේ කළමනාකාරීත්වය තුළින් අධිෂ්ඨානශීලීව ගමන් කළ යුත්තේ කෙසේදැයි පෙන්වා දී තිබෙනවා.
වෙනම බලවේගයක් නිර්මාණය කර ගනිමින්, මේ මහා ජනතා ප්රසාදය ලබාගෙන තිබෙන්නේ මුලින්ම ජාතික විද්වත් සංවිධානය ගොඩනඟා, එයින් ආරම්භ කළ ගමනින්. ලංකාවේ විවිධ ක්ෂේත්රවල පිරිස් සංවිධානය කරමින්, විදේශගත ශ්රී ලාංකිකයන් පවා දහස් ගණන් එකතු කර තිබෙනවා. ‘අදිටන’ විශ්රාමික ත්රිවිධ හමුදා සාමුහිකය ගොඩනැඟුවා. ‘ගැහැනු එකමිටට’ සංවිධානය ගොඩනැඟුවා. මේ විදියට විවිධ ක්ෂේත්රවල සංවිධාන පිහිටුවා, සාමුහික සංවිධාන සහ ක්රියාකාරකම් දේශපාලනයට ඇතුළත් කර ගත්තා. එහි අවසානය ලෙස ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කියන ප්රතිපත්ති ප්රකාශනය එළිදක්වා සාමුහිකව රට ගොඩනඟන ආකාරය පෙන්වා දී තිබෙනවා. මේ ප්රතිපත්ති ප්රකාශනය අනුව රට ගොඩනඟන්න සියලු දෙනා එක් වන ලෙස අපි ජනතාවට ආරාධනා කරනවා.”
සහභාගිත්වය
1. ආචාර්ය දිලීප විතාරණ – ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය
2. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි – කොළඹ විශ්වවිද්යාලය
3. මහාචාර්ය කිත්සිරි දිසානායක – මොරටුව විශ්වවිද්යාලය
4. ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ජනහා සෙල්වරාජ් මහත්මිය – ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය
5. ආචාර්ය ප්රියන්ත ප්රනාන්දු – කැළණිය විශ්වවිද්යාලය
6. ආචාර්ය සකුරා බෝගොඩ – ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය
7. මහාචාර්ය රොහාන් ප්රනාන්දු – ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය
8. මහාචාර්ය ජනක් කුමාරසිංහ – ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය
9. මහාචාර්ය අනිල් ජයන්ත – ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය
10. ජ්යෙෂ්ඨ කථිකාචාර්ය සිතුමිණි රත්නමලල – මොරටුව විශ්වවිද්යාලය
11. කථිකාචාර්ය විජිත පණ්ඩිතසේකර – මොරටුව විශ්වවිද්යාලය
12. ආචාර්ය චමින්ද සමරසූරිය – මොරටුව විශ්වවිද්යාලය
13. ආචාර්ය ආර්. ඩබ්ලිව්. ද මැල් – ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය
14. ජ්යෙෂ්ඨ කථිකාචාර්ය පී. සෙනෙවිරත්න – ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය
15. මහාචාර්ය වසන්ති මදුරප්පෙරුම – කැළණිය විශ්වවිද්යාලය
16. ආචාර්ය තුෂාර රත්නායක – මොරටුව විශ්වවිද්යාලය
17. ආචාර්ය දේශානි හෙට්ටිආරච්චි – ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය
18. මහාචාර්ය ලලිත් චන්ද්රලාල් – ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය
19. මහාචාර්ය චාමර ද අල්විස් – කැළණිය විශ්වවිද්යාලය
20. ආචාර්ය කෝසල බණ්ඩාර – ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය
21. කථිකාචාර්ය මනිෂ වරුෂවිතාන – ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය
22. ආචාර්ය උත්පලා ජයවර්ධන – ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය
23. ජ්යෙෂ්ඨ කථිකාචාර්ය නේලක ශ්යාමල් හපුආරච්චි – ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය
24. ජ්යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා – ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය
25. කතිකාචාර්ය ශාන්ත පුහුල්වැල්ල – ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය
26. ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ඩී. එස්. පී. ජයසූරිය – ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය
27. මහාචාර්ය සීතා බණ්ඩාර – කැළණිය විශ්වවිද්යාලය
28. මහාචාර්ය උදයංග හේමපාල – මොරටුව විශ්වවිද්යාලය
29. මහාචාර්ය කිත්සිරි දිසානායක – මොරටුව විශ්වවිද්යාලය
30. මහාචාර්ය ඊ. දයාරත්න – ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය
31. ජ්යෙෂ්ඨ කථිකාචාර්ය එච්. එම්. අමින්ද ලක්මාල් – ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය











