මේ විදියට අවුරුදු හැත්තෑහයක් යන්න ඇරලා, දැන් අපි විශාල අමාරුවක වැටිලා ඉන්නවා – සහාය අධ්‍යක‍ෂ, සරත් සේනාරත්න

මේ විදියට අවුරුදු හැත්තෑහයක් යන්න ඇරලා, දැන් අපි විශාල අමාරුවක වැටිලා ඉන්නවා – සහාය අධ්‍යක‍ෂ, සරත් සේනාරත්න

මේ විදියට අවුරුදු හැත්තෑහයක් යන්න ඇරලා, දැන් අපි විශාල අමාරුවක වැටී සිටින බව ටෙලිනාට්‍ය හා චිත්‍රපට සහාය අධ්‍යක‍ෂ, සරත් සේනාරත්න අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කලේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (25) පැවති කලාකරුවන්ගේ එකමුතුවේ `රට අනුරට’ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටෙලිනාට්‍ය හා චිත්‍රපට සහාය අධ්‍යක‍ෂ, සරත් සේනාරත්න,

“මම ක්‍රියා කරන්නේ චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල තිරය පිටුපස සිටිමින්. විවිධ වෘත්තීය නම් තිඛෙන බොහෝ පිරිසක් ඒ පිටුපස සිටිනවා. අධ්‍යක‍ෂවරුන්, නිෂ්පාදකවරුන්, සංගීත අධ්‍යක‍ෂවරුන්, කැමරා ශිල්පීන්, සංස්කරණ ශිල්පීන්, ගායක, ගායිකාවන්, වාදන ශිල්පීන්, නිෂ්පාදන කළමනාකරුවන්, කලා අධ්‍යක‍ෂවරුන්, අංගරචනා ශිල්පීන්, සහාය අධ්‍යක‍ෂවරුන්, නිෂ්පාදන සහායකවරුන් ආදී වශයෙන් ටී බෝයි දක්වා විශාල පිරිසක් සිටිනවා.

මේ කණ්ඩායම ලංකා ඉතිහාසයේ කිසිම දවසක දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ. හැමෝම හිතුවේ, මේ යන විදියට ගියාවේ, දේශපාලනයට සම්බන්ධ වුණා කියලා ගන්න දෙයක් හෝ ලැඛෙන්න දෙයක් නැහැ කියලයි. මේ විදියට අවුරුදු හැත්තෑහයක් යන්න ඇරලා, දැන් අපි විශාල අමාරුවක වැටිලා ඉන්නවා. චිත්‍රපටයක් හදන්න යන වියදම මෙයට අවුරුදු පහ, හයකට පෙර ගිය වියදම වාගේ තුන්ගුණයකින් විතර වැඩි වී තිඛෙනවා. නමුත්, තිරය පිටුපස සිටින විශාල කණ්ඩායම සහ ඔවුන්ගේ පවුල්වල උදවිය රැකෙන්න නම්, නිර්මාණයට ගිය වියදම වාගේ තුන්ගුණයකවත් ආදායමක් ලැඛෙන්න ඕනෑ. නමුත්, දැන් එහෙම වෙන්නේ නැහැ. එහෙම නම්, අපි කොහොම ද පවතින අර්බුදයට මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නය තිරය පිටුපස සිටින අප සියලු දෙනාට ආවා.

ඒ අනුව ආර්ථීක, දේශපාලන, සංස්කෘතික වශයෙන් වගකියන පුද්ගලයන් වෙත දේශපාලන බලය ලබා දිය යුතු බව අපට පැහැදිලි වුණා. ඒ වෙනුවෙන් සිටින එකම බලවේගය ජාතික ජන බලවේගය පමණක් බව රටේ සාතිශය බහුතර ජනතාවට වාගේම කලාකරුවන්ටත් දැනෙන්න පටන් ගත්තා. ඒ නිසා මෙතැන නැති විශාල කලාකරුවන් පිරිසක් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී සිටිනවා. සිනමා සහ ටෙලිනාට්‍ය තිරය පිටුපස සිටින සියලූ දෙනාගේ ජීවිතවල වාගේම සමස්තයක් ලෙස රටේ අනාගතයත් අනුර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ලබා දිය යුතු බව ස්ථීරවම අවබෝධ කරගෙන සිටිනවා.”

මෙම මාධ්‍ය හමුව සඳහා සංගීතවේදී මිත්‍ර කපුගේ, සාහිත්‍යවේදී කමල් පෙරේරා, නාට්‍යවේදී ලලිත් රාජපක්ෂ, රංගන ශිල්පිණී දීපානි සිල්වා, චිත්‍රශිල්පී අනුර ශ්‍රීනාත්, රංගන ශිල්පිනී මනෝජා ප්‍රනාන්දු, සංස්කරණ ශිල්පී බුද්ධික රණසිංහ, ගායනවේදී ක්‍රිෂාන්ත එරන්දක, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රංගන ශිල්පී ජගත් මණුවර්ණ, රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි, රංගන ශිල්පී මහින්ද පතිරගේ, රංගන ශිල්පී කළණ ගුණසේකර, රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා, සාහිත්‍යවේදී රවී සිරිවර්ධන, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, රංගන ශිල්පිණී නදී කම්මැල්ලවීර, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, රංගන ශිල්පීණී නිපුණි ශාරදා, චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක, රංගන ශිල්පී චමින්ද බටුකොටුව, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය නොයෙල් විජයරත්න, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, ආචාර්ය කෞෂල්‍ය කුමාරසිංහ, රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකා, සංගීතවේදී ඉන්ද්‍රචාප ලියනගේ, මහාචාර්ය මංගල සේනානායක, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, අංග රචනා ශිල්පී නාරද ධනංජී, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රුවන් කුඩලිගම, සාහිත්‍යවේදී ශාන්ති දිසානායක, සාහිත්‍යවේදී සුදාරාජ් එස් රාජසිංහම්, ජ්‍යෙෂ්ට සහාය අධ්‍යක්ෂල සරත් සේනාරත්න, නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු, සාහිත්‍යවේදී දේගවී ගාල්ලගේ, නාට්‍යවේදී චමරු පතිරණ සහ රංගන ශිල්පිනී ගම්‍යා විජයදාස ඇතුළු කලාකරුවෝ පිරිසක් සහභාගී විසිටියහ.

Facebook
Twitter
LinkedIn