සමාජ සබඳතා පිරිහෙන විට, කඩාවැටෙන විට සමාජය වෙනුවෙන් කලාකරුවාගේ මැදිහත් වීම විශේෂයෙන් අවශ්‍ය වන බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ මහාචාර්ය මංගල සේනානායක අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කලේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති කලාකරුවන්ගේ එකමුතුවේ `රට අනුරට’ මාධ්‍ය හමුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ මහාචාර්ය මංගල සේනානායක,
“ශ්‍රී ලංකාවේ සියලුම දෙනාට මේ අවස්ථාව ඉතා සුවිශේෂී අවස්ථාවක්. මගේ ජීවිත කාලය තුළ මේ වාගේ මැතිවරණ අවස්ථා ගණනාවකට මුහුණ දී තිඛෙනවා. ඒ සියල්ලටම වඩා මේ මැතිවරණය අනාගත පරපුර වෙනුවෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් වී තිඛෙනවා. පුද්ගලයකුට විවිධ සම්බන්ධතා තුනක් තිඛෙන බව බර්ට්‍රන්ඩ් රසල් පඬිවරයා කියා තිඛෙනවා. තමන් තමන් සමඟ තිඛෙන සබඳතාව, තමන් අනෙකුත් සමඟ තිඛෙන සම්බන්ධතාව සහ තමන් පරිසරය සහ සමාජ සොබාදහම සමඟ පවතින සම්බන්ධතාව. මේ සබඳතා පිරිහෙන විට, කඩාවැටෙන විට කලාකරුවාගේ මැදිහත් වීම විශේෂයෙන් අවශ්‍ය වෙනවා. නමුත්, අද වෙන කොට අපේ රටේ කලාකරුවාත් මේ ඛේදවාචකයේ ගොදුරු බවට පත් වී සිටිනවා.
ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වා රටේ සියලුම දෙනාට සැලැසුම්සහගතව අනාගතය ගැන ස්ථාවරත්වයක් ඇති කරගත හැකි බව සනාථ කර තිඛෙනවා. ඒ නිසා කලාකරුවන් හැටියට අප සියලු දෙනා කිසිදු පෞද්ගලික බලාපොරොත්තුවකින් තොරව උපරිම දායකත්වය ලබා දෙනවා.
අපි බලාපොරාත්තු වෙන්නේ මේ රටේ අනාගතය යහපත් කරන්නයි. විශේෂයෙන්ම මේ අවස්ථාව පිළිබඳව තරුණ පරම්පරාව ගැඹුරින් සලකා බැලිය යුතු වෙනවා. අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණය මේ රට සහ අනාගතය සම්බන්ධයෙන් සුවිශේෂී කඩඉමක් වෙනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලුම දෙනා එක් වී කටයුතු කිරීම අවශ්‍ය බව අවධාරණය කරනවා.”
මෙම මාධ්‍ය හමුව සඳහා සංගීතවේදී මිත්‍ර කපුගේ, සාහිත්‍යවේදී කමල් පෙරේරා, නාට්‍යවේදී ලලිත් රාජපක්ෂ, රංගන ශිල්පිණී දීපානි සිල්වා, චිත්රශිල්පී අනුර ශ්‍රීනාත්, රංගන ශිල්පිනී මනෝජා ප්‍රනාන්දු, සංස්කරණ ශිල්පී බුද්ධික රණසිංහ, ගායනවේදී ක්‍රිෂාන්ත එරන්දක, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රංගන ශිල්පී ජගත් මණුවර්ණ, රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි, රංගන ශිල්පී මහින්ද පතිරගේ, රංගන ශිල්පී කළණ ගුණසේකර, රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා, සාහිත්‍යවේදී රවී සිරිවර්ධන, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, රංගන ශිල්පිණී නදී කම්මැල්ලවීර, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, රංගන ශිල්පීණී නිපුණි ශාරදා, චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක, රංගන ශිල්පී චමින්ද බටුකොටුව, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය නොයෙල් විජයරත්න, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, ආචාර්ය කෞෂල්‍ය කුමාරසිංහ, රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකා, සංගීතවේදී ඉන්ද්‍රචාප ලියනගේ, මහාචාර්ය මංගල සේනානායක, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, අංග රචනා ශිල්පී නාරද ධනංජී, ටෙලි නාට්‍ය අධ්යක්ෂ රුවන් කුඩලිගම, සාහිත්‍යවේදී ශාන්ති දිසානායක, සාහිත්‍යවේදී සුදාරාජ් එස් රාජසිංහම්, ජ්‍යෙෂ්ට සහාය අධ්යක්ෂල සරත් සේනාරත්න, නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන්, ටෙලිනාට්‍ය අධ්යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු, සාහිත්‍යවේදී දේගවී ගාල්ලගේ, නාට්‍යවේදී චමරු පතිරණ සහ රංගන ශිල්පිනී ගම්‍යා විජයදාස ඇතුළු කලාකරුවෝ පිරිසක් සහභාගී විසිටියහ.











