ජනාධිපතිගේ ප්‍රචාරක කාර්යාලයේ යකා නැටිල්ලක්

ජනාධිපතිගේ ප්‍රචාරක කාර්යාලයේ යකා නැටිල්ලක්

පසුගිය සතියේදී ආරක්ෂක ඇමති ලෙස රනිල් වික්‍රමසිංහට ලැබුණු අලුත් ම බුද්ධි වාර්තාවෙන් පසුව ඔහු දැඩි ලෙස කලබල වී ඇති බව අනාවරණය වේ.

පෙරේදා (26) උදෑසන මල්පාරේ පිහිටි ඔහුගේ ප්‍රචාරක කාර්යාලයේ පැවති සමාලෝචන හමුව ආරම්භයේ දී ම මින් පෙර නොවූවිරූ තරම් ආවේගශීලීව හැසිරි තිබේ. එම අවස්ථාවට සහභාගී වී සිටි වජිර අබේවර්ධන, සාගල රත්නායක, රවී කරුණානායක ඇතුළු පිරිස එම හැසිරීමෙන් මවිතයට පත් වී ඇති බව වාර්තා වේ.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මේ වනවිටත් අති විශාල මුදලක් වියදම් කර ඇති බව හෙළි වී තිබේ. එහෙත් එයට ප්‍රමාණවත් ප්‍රචාරක කටයුතු සිදු කර නැති බවට රනිල් වික්‍රමසිංහ චෝදනා කර ඇති අතර අනුර කුමාර දිසානායක වේගයෙන් තව තවත් ජනප්‍රිය වෙමින් සිටින බව බුද්ධි වාර්තා ගෙනහැර දක්වමින් ප්‍රකාශ කර ඇති බව හෙළිවේ.

Facebook
Twitter
LinkedIn