මෑතකදී මෙරට සංචාරයක් නිම කර ආපසු ගිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් කර තිබෙන ප්‍රකාශයක් ආචාර්ය අමීර් අලී විසින් හෙළි කර තිබේ.
ඩේලි එෆ්ටී පුවත්පතට ලිපියක් ලියමින් ඔහු මේ වනවිට පවතින දේශපාලන පසුබිම පිළිබඳව මෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටිනි ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේ ප්‍රතිපත්ති අරත සමාලෝචනයක්ද සිදු කර ඇත. එහිදී රනිල් වික්‍රමසිංහ මේ වනවිට අනුගමණය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියා කර තිබෙන ප්‍රකාශයත් සමග සංසන්දකය කර ඇත.
මූල්‍ය අරමුදලේ ප්‍රධානියා කර තිබෙන ප්‍රකාශය තුළ “සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණය ස්ථීරසාර බව උදෙසා රාජ්‍ය මූල්‍ය ආදායම් නැන්වීම තවදුරටත් අවශ්‍ය වේ.” යන්න අවධාරණය කර තිබේ. මෙම ප්‍රකාශය සරළ ලෙස ආචාර්ය අමීන් අලී විග්රහ කර තිබෙන්නේ “මෙම ප්‍රකාශයේ සැලකිල්ලට ගත් මූල්‍ය ස්ථාවරත්වය සංස්ථාපනය යන්නෙන් අදහස් වන්නේ, බදු වැඩි කිරීම් සහ ජනතා සුභසාධනය පිනිස වෙන් කරන මුදල් අඩු කිරීමය.” යනුවෙන් සරළ ලෙස විග්රහ කර තිබේ.
රට ගොඩගෙන ඇති බවත් IMF වැඩපිළිවෙල වෙනස් කළහොත් නැවත ආර්ථිකය කඩා වැටෙන් බව මැතිවරණ වේදිකාවේ විවිධ ආකාරයෙන් ප්‍රකාශ කරමින් සිටින රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස සඟවා ඇති කරුණු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලකිරීම් පිළිබඳව ආචාර්ය අමීර් අලී මෙලෙස පැහැදිලි කර ඇත.










