ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ විජයග්‍රහණය උදෙසා ආශිර්වාද සිදු කරන ජාතික පුනරුදයට පෙරමග කියන “සඟරුවනේ මහ පෙළහර” ජාතික වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම්, පූජ්‍යපාද වකමුල්ලේ උදිත හිමි ඇතුලු භික්ෂූන් වහන්සේලා, ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ මහානායකධූරන්ධර අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානාහිමිපාණන් වහන්සේ බැහැ දැක තිබේ.
එම අවස්ථාවට ජාතික භික්ෂු පෙරමුණ නියෝජනය කරමින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, මහෝපාද්‍යයාය, මහාචාර්ය අතිපූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමිපාණන් වහන්සේ, උඩහේවාහැට, පහතහේවාහඇට දෙපළාතේ උපප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ගල්කඩවල සෝමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු හාමුදුරුවන් වහන්සේලා සම්බන්ධ වී ඇත.



1,663










