ජනාධිපති ළඟට ගිය හාදයා මිනී මතින් කරන ජරා දේශපාලනය ගැන කියලා

ජනාධිපති ළඟට ගිය හාදයා මිනී මතින් කරන ජරා දේශපාලනය ගැන කියලා

පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද, මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කළ වෛද්‍ය ගයාෂාන් නවනන්ද ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලට ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව දැඩි ප්‍රහාර එල්ල කර ඇත.

මෙම මන්ත්‍රීවරයා මේ වනවිට රනිල් වික්‍රමසිංහ සමඟ එක් වී සිටී. ඔහු කෙහෙළිය රඹුක්වැල්ල ආරක්ෂා කරමින් විරුද්ධ පක්ෂයට ප්‍රහාරාත්මකව කතා කළ ආකාරය 2023 සැප්තැම්බර් 08 වෙනි දින හැන්සාඩ් වාර්තාවේ ඇතුලත් වී තිබේ.

එම විවාදයේදී ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි ගෙන ආ යෝජනාව සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමට ගෙන එන ලද්දක් බවත්, අහිංසක ලෙඩුන් මතින් මිනිසුන්ගේ මිනී මතින් කරන ජරා දේශපාලනයක් බවත් ය.

ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට මේ ලෙස ක්‍රියා කරන නවනන්ද මන්ත්‍රිවරයා වැනි බොහෝ දෙනෙකු රනිල් වික්‍රමසිංහ මෙන් ම සජිත් ප්‍රේමදාස සමඟ ද එක් වී සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්