ප්රංශයේ පැවති මෙවර (2024) ඔලිම්පික් උලෙළ අද (12) අවසන් විය.
පසුගිය ජූලි 26 වනදා ආරම්භ වූ 2024 පැරිස් ඔලිම්පික් උලෙළ පුරා දින 15කට වැඩි කාලයක් පැවැත් විණි.
මේ සඳහා ක්රීඩා 32කට අදාළව තරඟ 329ක් පැවති අතර ඊට ක්රීඩකයින් 10,714 දෙනෙකු සහභාගී වී තිබිණි.
ඔලිම්පික් උළෙල අවසානයේ ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් සමඟින් පදක්කම් 126ක් ලබා ගනිමින් පළමු ස්ථානය රැඳී සිටියේය.
දෙවැනි ස්ථානය ලෙස රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ලෙස පදක්කම් 91ක් දිනාගනිමින් චීනය රැඳී සිටියේය.
ජපානය රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 13ක් දිනා ගනිමින් පදක්කම් 45ක් ලෙස තෙවැනි ස්ථානයේ රැඳී සිටියේය.
මීළඟ ඔලිම්පික් උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වීමට නියමිතය.





Views: 0









