රනිල් IMF එකටත් ගණන් උගන්වයි

රනිල් IMF එකටත් ගණන් උගන්වයි

ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය බර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉදිරිපත් කර ඇති දත්ත මුළුමනින් ම නොතකා හරිමින් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව හෙළි වී තිබේ.

විදේශ ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී පසුගිය ජූලි 02 දින විශේෂ ප්‍රකාශක් කළ ඔහු සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව දක්වා තිබේ. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කල නවතම වාර්තාව අනුව එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 43 ඉක්මවා තිබේ.

එයට අමතරව, රනිල් වික්‍රමසිංහ කළ කතාවේ දී වෙනත් වැදගත් කරුණක් හෙළි වී ඇත. එය නම් මෙරට සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් අති බහුතරය ගිනි පොලී ණය වන බවයි. එම ප්‍රමාණය ඩොලර් බිලියන 14.7ක් බව ඔහු දක්වා තිබේ. එයින් ඩොලර් බිලියන 12.05ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ලබා ගත්තේ 2015 -2019 ඔහු යටතේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ නිල වාර්තා ඉදිරිපත් කරන්නේ මෙරට මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව විසින් ලබා දෙන දත්ත මත පදනම්ව ය. එසේ තිබියදීත් විදේශ ණය සම්බන්ධයෙන් ඩොලර් බිලියන 6ක පරස්පරයක් සහිතව දත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්