ජනාධිපතිවරණයට බාධා වෙන වෘත්තීය අරගල කිසිවක් නෑ

ජනාධිපතිවරණයට බාධා වෙන වෘත්තීය අරගල කිසිවක් නෑ

ඉදිරි ජනාධිපතිවරණයට යම් හෝ බාධාකාරී කිසිදු වෘත්තීය අරගලයක නිරත නොවන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සංගමය ප්‍රකාශ කරයි.

මෙතෙක් නොවිසඳී ඇති බරපතළ ගැටළු ගණනාවක් විසඳා ගැනීම සඳහා පසුගිය කාලය පුරා මෙම සංගමය විවිධ වෘත්තීය අරගල ගෙන ගිය අතර අවසානයේ වැඩ වර්ජනයක් දක්වා ද යොමු විය.

නමුත්, රාජ්‍ය පරිපාලන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන කිසිදු සාධනීය මැදිහත්වීමක් එම ප්‍රශ්න විසඳීම සඳහා අනුගමනය නොකළේය. මෙම වෘත්තීය සංගමයට අමතරව වෙනත් වෘත්තීය සමිති ද ඉදිරි කාලය තුළ ඉල්ලීම් දිනා ගැනීමේ වෘත්තීය අරගලවලින් ඈත්වීමට පොදු එකඟතාවලට පැමිණෙමින් සිටිති.

Facebook
Twitter
LinkedIn